ජනමතය...

ජනමතය...

September 4, 2024  

Bookmark and Share
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

අයදුම්කරුවන් 712,319ක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවුණි.

මේ අතර හෙට (05) සහ අනිද්දා (06) දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතී.

ඡන්දය සලකුණු කිරීමේ දී එය ප්‍රදර්ශනය කිරීම හෝ ඡායාරූප ගත කිරීම සිදුනොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපැල් ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා දහසකට අධික මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් යොදවා ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.