ඇගයීම...

ඇගයීම...

September 12, 2024  

Bookmark and Share
පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තබා රිදී පදක්කමක් දිනූ බලලත් නිලධාරී II සමිත දුලාන්ගේ දක්ෂතාව ඇගයීමේ උළෙලක් සංවිධානය කර තිබුණි.

ඒ ඔහු අයත්ව සිටින රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකාය විසිනි.

පොල්හේන්ගොඩ පොලිස් හේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම උත්සවය ඊයේ පැවැත්වුණි.

ඊට රිදී පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ ක්‍රීඩා පුහුණුකරු එක්වී තිබුණි.