දුම්රිය පීලිපනී...

දුම්රිය පීලිපනී...

September 16, 2024  

Bookmark and Share
අද (16) උදෑසන මහව සිට පානදුර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබුණි.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රාගම හන්දිය පසුකර ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනයවනු ඇත.

මේ වන විට පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඉහත දැක්වෙන්නේ එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කිහිපයකි.