අනතුර...

අනතුර...

September 18, 2024  

Bookmark and Share
ගැඹුරු මුහුදේ දී මත්ස්‍යයෙකු සපාකෑමෙන් තුවාල ලබා අසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයෙකු මුදාගෙන රෝහල්ගත කර තිබේ.

නාවික හමුදා සඳහන් කළේ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව මෙම මෙහෙයුම දියත් කළ බවය.

පසුගිය ජූලි 17 වනදා වෙන්නප්පුව ධීවර වරායෙන් ධීවරයින් 07 දෙනෙකු සමග ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Beula 02” නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙලෙස අනතුරට මුහුණදී තිබුණි.

ඒ, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ය.

අදාළ මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කළ විදේශීය නෞකාවක් වෙත එම ධීවරයා ලබාදීමෙන් අනතුරුව අද (18) උදෑසන බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් තිබුණි.