දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

September 14, 2024   05:27 pm

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයෙදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (14) සවස 3.00ට පමණ එම අනතුර සිදුවී ඇත. 

එම පුද්ගලයා මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.