අනතුරකින් අවුරුදු එකහමාරක දරුවෙක් ජීවිතක්ෂයට

අනතුරකින් අවුරුදු එකහමාරක දරුවෙක් ජීවිතක්ෂයට

September 18, 2024   11:31 am

පොළොන්නරුව මහියංගනය මාර්ගයේ ලත්පඳුර මංසන්ධියේ දී සිදු වූ අනතුරකින් වයස අවුරුදු එකහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ පොළොන්නරුවේ සිට මහියංගනය දෙසට ධාවන වූ වෑන් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ දරුවා, ඔහුගේ සහෝදරයෙකු, මව සහ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.