දිලිත්ගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට යාපනයේ දී

දිලිත්ගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට යාපනයේ දී

August 16, 2024   05:23 pm

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (16) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ තිබේ.

එහිදී පළමුවෙන් දිලිත් ජයවීර මහතා, ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජී හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අස්සජී හිමියන් සමඟ සුහද කතාබහක නිරත වූ දිලිත් ජයවීර මහතා සර්වජන බලයේ දෙවැනි කෙටුම්පත ද උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

විහාරස්ථානයට රැස්ව සිටි පිරිස සමඟ ද ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සුහද කතාබහක නිරත වන අයුරු එහිදී දක්නට ලැබුණි.

මේ අතර, සර්වජන බලය රැලි මාලාවේ මංගල රැලිය, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට (17) යාපනයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරණයක දී ජාතික මට්ටමේ සන්ධානයක ජනපති ධුර අපේක්ෂකයෙක් සිය මංගල ජන රැලිය යාපනයෙන් ආරම්භ කරන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.