ශ්‍රී ලංකාව පරාජයක් අබියස

ශ්‍රී ලංකාව පරාජයක් අබියස

August 17, 2024   07:29 am

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 122ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම සඳහා ඔවුන් තවත් ලකුණු 75ක් පමණක් ලබාගත යුතු අතර, ඒ වෙනුවෙන් අද දිනයම ඔවුන්ට ඉතිරිව ඇත.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 139ක් පමණක් වූ අතර, ඊට පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 324ක් රැස්කළේය.

ඒ අනුව ලකුණු 185ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ නමුත් පළමු ඉනිමේ අඩුපාඩු සැලකිය යුතු ප්‍රමාණයකින් මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූ අතර, ඔවුන් දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලකුණු 306ක් රැස්කිරීමට සමත් විය.

එහිදී නිශාන් මධුෂ්ක (77), නායක ධනංජය ද සිල්වා (66) හා ඇන්ජලෝ මැතිව්ස් (51) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ගොඩනැගූහ.

කෙසේ නමුත් පළමු ඉනිමේ අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන්ට ලයන්ස් කණ්ඩායමට ලබාදීමට හැකිවූයේ ලකුණු 122ක පහසු ඉලක්කයක් පමණි.