පොලීසියේ තිදෙනාට ඇප ලැබෙයි

පොලීසියේ තිදෙනාට ඇප ලැබෙයි

August 17, 2024   09:01 pm

වනඅලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැර තිබේ.

හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඊයේ (17) ඇප මත මුදාහැර තිබුණි.

ඊයේ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් වළ දැමුණු එම සත්ත්වයාගේ ශරීරකොටස්  වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සඳහා නැවත ගොඩගැනීමට කටයුතු කෙරුණි.