තැන් දෙකකදී හසුවූ ගජමුතු

තැන් දෙකකදී හසුවූ ගජමුතු

August 18, 2024   08:53 am

දිවයිනේ ප්‍රදේශ දෙකක දී ගජමුතු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පූනගර් ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ගජමුතු 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊච්චලම්පත්තුව පොලීසිය සමත්ව ඇත.

සැකකරුවන් ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ සම්බන්ධව ඊච්චලම්පත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමිතය.

මේ අතර පුත්තලම ප්‍රදේශයේ කලපු තීරයේ දී ගජමුතු 03ක් අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

රුපියල් කෝටි 03කට මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ බවට ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදුකර ඇත.

උපායදූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් සහ ඔවුන් සතුව තිබී තම භාරයට ගත් ගජමුතු වැඩිදුර විමර්ශණ සඳහා පුත්තලම පොලීසියට බාර දීමට පොලිස් විශේෂ බළකා නිලධාරීන් කටයුතු කර තිබේ.