දකුණු අප්‍රිකාවට ජය

දකුණු අප්‍රිකාවට ජය

August 18, 2024   11:03 am

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 40ක ජයක් හිමිකර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස්කළ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144කි.

දෙවන ඉනිම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 246ක් ලබා ගැනීමත් සමග තරගය ජයග්‍රහණය කිරීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 263ක ඉලක්කයක් හිමි විය.

කෙසේ වෙතත් කොදෙව් ක්‍රීඩකයින්ට දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 222ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බිංදුවක් ලෙස ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.