අකුරේගොඩදී ඝාතනයක් 

අකුරේගොඩදී ඝාතනයක් 

August 18, 2024   12:13 pm

අකුරේගොඩ, අරුප්පිටිය, 10 වන පටුමඟ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ අද (18) උදෑසන ත්‍රිවිල් ගරාජයක් අසලදී එම පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි.

මියගිය පුද්ගලයා 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක් වන අතර ඔහු සම්බන්ධයෙන් වෙනත් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.