විදේශ ආධාර ලබාගෙන රට ගොඩදානවා - සජිත්

විදේශ ආධාර ලබාගෙන රට ගොඩදානවා - සජිත්

August 18, 2024   02:24 pm

තම පාලනයක් යටතේ විදේශ රටවල ආධාර ලබාගෙන රට ගොඩගන්නා වැඩසටහන දියත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, බණ්ඩාරගම පැවති ජන රැලියකදී ය.

"සංවර්ධනය නමින් දියුණුව නමින් අපි අදහස් කරන්නේ මෙරට ලක්ෂ 220කගේ සංවර්ධනයි. ඔබගේ දියුණුවයි. දියුණුව කියලා ඉලක්කම් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. දියුණුව සංවර්ධනට, සුබසාධනය මුදල් පසුම්බියට දැනෙන්න ඕනේ. අද වරදාන, වරප්‍රසාද භුක්ති විඳින්නේ ජනාධිපති හා ආණ්ඩුව. ලක්ෂ 220ක් අනාථ කරලා මැතිවරණයක් ළං වෙනකොට බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කරලා සීනිබෝල ලබාදීලා මේ අය හිතාගෙන ඉන්නවා මෙදා පාරත් රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. මේ අවස්ථාවේ රටේ සුවහසක් ජනතාව රැවටෙන්නට සූදානම් නැහැ. ගංවතුර, නායයාම් අවදානම් තිබීයදීත් කළුතර දිස්ත්‍රික්යේ ජනතාව ආවා. මේ ජනතාව මෙතෙන්නට රැස්වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කැක්කුමක් තියෙන මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැපවීම්කරන පොදුජන සංවර්ධන යුගයක් වෙනුවෙන් අපිට හයිය දෙන්න. අපි සූදානම් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සපයන්න. මම ඔබට කියනවා අපේ රටේ මුදල්වලටත් විදේශිය රටවල ණය නෙමෙයි, ආධාර උපකාර අරගෙන  රට ගොඩගන්න වැඩසටහන අපි දයත් කරනවා."