අකුරේගොඩ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අකුරේගොඩ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

August 18, 2024   06:29 pm

බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී අද (18) උදැසන පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ මුදල් ආරවුලක් මත බව පොලීසිය පවසයි.

ඒ අනුව ඝාතනය සිදුකළ සැකකරු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.

ගෙල කපා ඝාතනය කරන ලද අදාළ පුද්ගලයාගේ මළ සිරුර ප්‍රදේශයේ ගරාජයක් අසල තිබී සොයාගෙන තිබුණි.

මෙලෙස ඝාතනය කර තිබුණේ 45 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක් බව පොලීසිය පැවසීය.