විධායක ජනපති ධුරය අහෝසි කරනවා - සජිත්

විධායක ජනපති ධුරය අහෝසි කරනවා - සජිත්

August 18, 2024   07:43 pm

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, 

"අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා ඒ යුගය අපි බිහිකරනවා.  බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමය. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා. හැබැයි අපි එක දෙයක් කියනවා විරැකියාවෙන් පෙළෙන මේ ප්‍රදේශවල සමස්ත තාරුණ්‍යයට කුඩා තේ වතුහිමියන් හැටියට රටේ තේ නිෂ්පාදනයට දායකත්වය ලබාදෙන්නට අපි ක්‍රමවේදය හදනවා. රජපක්ෂලාට කත්ඇදලා රට බංකොලොත් කළ කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා. රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මට කියනවා පැනලා ගියාලු. මම පැනලා ගියේ නැහැ. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දැම්මේ නැහැ.  කී දෙනෙක් කිව්වද ජනාධිපති ක්‍රමය ගැන. කවුරුත් වෙනස් කළේ නෑ. මට මේ තනතුරු ආසාව නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා."