මහ මුහුදේ ගැටුණු චීන - පිලිපීන නෞකා

මහ මුහුදේ ගැටුණු චීන - පිලිපීන නෞකා

August 19, 2024   01:39 pm

දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමකට එළැඹ සිටී.

ඒ එම කලාපයට තායිවානය, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් ද හිමිකම් කීම හේතුවෙනි.

පිලිපීන සහ චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීමේ පුවතක් අද (19) වාර්තාවූයේ එවන් පසුබිමකදීය.

පිලිපීන යාත්‍රාව හිතාමතාම තම නෞකාවේ ගැටුණු බවට චීනය චෝදනා කරයි.

ඔවුන් පවසන්නේ, පිලිපීන යාත්‍රා තමන්ට අයත් සාගර කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවය.