ඉතාලි මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයි

ඉතාලි මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයි

August 19, 2024   09:16 pm

ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ.

බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 22ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය සමග ඇතිවූ ටොනේඩෝ තත්ත්වය අනතුරට හේතු වී ඇති බවට බලධාරීන් සඳහන් කර තිබේ.

යාත්‍රාවේ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද වන බව වාර්තා වෙයි.

මීට අමතරව බ්‍රිතාන්‍ය, අමෙරිකා, සහ කැනඩා ජාතිකයින් පිරිසක් එම සුඛෝපභෝගි යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්ය.

අතුරුදන් වූ පුද්ගලයින් 06 දෙනා සොයා වෙරළාරක්ෂක නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.