ඊශ්‍රායලයේ ඇතුළටම ගොස් සිදුකළ ප්‍රහාරය

ඊශ්‍රායලයේ ඇතුළටම ගොස් සිදුකළ ප්‍රහාරය

August 20, 2024   10:37 am

පසුගිය ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ආගමික මධ්‍යස්ථානයක් අසල සිදුකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධාන වල සන්නද්ධ කණ්ඩායම් භාරගෙන තිබේ.   

ඊශ්‍රායල පොලීසිය සහ ෂින්බෙත් බුද්ධි සේවය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී ඇත.

එහිදී බෝම්බය රැගෙන යමින් සිටි පුද්ගලයා මියගිය අතර ඒ අසල සිටි තවත් පුද්ගලයෙක් එහිදී තුවාල ලැබීය.

ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් සැලකෙයි.

පොලීසිය පවසන්නේ එම පුද්ගලයා, ජනාකීර්ණ ප්‍රදේශයට බෝම්බය රැගෙන යමින් සිටින අතරතුරදී එය පුපුරා ගොස් ඇති බවයි.