කළුතර ගංවතුර ගැන නිවේදනයක්

කළුතර ගංවතුර ගැන නිවේදනයක්

August 20, 2024   12:36 pm

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි.

එමෙන්ම කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව ද සඳහන් ය.
  
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජල ගැලීම් තත්ත්වයක් පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පි. සී. සුගීෂ්වර මහතා පැවසීය.  

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු  සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.