සුඛෝපභෝගී යාත්‍රාවේ සිට දිවිබේරාගත් ලාංකිකයා

සුඛෝපභෝගී යාත්‍රාවේ සිට දිවිබේරාගත් ලාංකිකයා

August 20, 2024   01:34 pm

සිසිලි දූපත ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය සුඛෝපභෝගී යාත්‍රාවේ සිටි 15 දෙනෙක් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, ඒ පිරිස අතර ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ද සිටී.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22ක් රැගත් බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කරමින් පැවති බේෂන් නම් සුඛෝපභෝගී රුවල් නෞකාව ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ ගිලී ගියේ ඊයේ (19) දිනයේදී ය.

පොර්තිචෙල්ලෝ වරායෙන් සැතපුම් අඩක දුරින් නවත්වා තිබූ මෙම යාත්‍රාව මෙලෙස ගිලී ගොස් තිබුණේ එම කලාපයට බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙනි.

එහිදී අයෙක් මියගොස් 6 දෙනෙක් අතුරුදන් වූ අතර ඊට බ්‍රිතාන්‍ය ධන කුවේරයෙකු වන මයික් ලින්ච් ද අයත්ය.