ධනවතුන් කිහිපදෙනෙක්ව මුහුද යට සැඟවූ යාත්‍රා අනතුර

ධනවතුන් කිහිපදෙනෙක්ව මුහුද යට සැඟවූ යාත්‍රා අනතුර

August 20, 2024   04:19 pm

ඉතාලි යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින පිරිස සම්බන්ධයෙන් තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර මෝගන් ස්ටැන්ලි ජාත්‍යන්තර බැංකුවේ සභාපති ජොනතන් බ්ලූමර්, ඔහුගේ බිරිඳ ජුඩි සහ ක්ලිෆර්ඩ් චාන්ස් නීතිඥ ක්‍රිස් මොර්විලෝ වෙයි.

එසේම බ්‍රිතාන්‍යයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් වූ මයික් ලින්ච් සහ ඔහුගේ දියණිය හනා ද අතුරුදන් ය.

ඊයේ (19) සිසිලි දූපත ආසන්නයේ තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රිතාන්‍ය ධජය සහිත එම සුඛෝපභෝගී යාත්‍රාව මුහුදේ ගිලී ගියේය.

එහි පුද්ගලයින් 22ක් ඒ අවස්ථාවේ සිට ඇති අතර අනතුරින් අනතුරුව 15 දෙනෙක් බේරා ගැනුණි. 

6 දෙනෙක් අතුරුදන් ව ඇති අතර සහන කණ්ඩායම් විසින් එක් සිරුරක් සොයාගෙන තිබේ.

ගිලී ගිය යාත්‍රාව මීටර් 50ක් පමණ මුහුද අභ්‍යන්තරයේ සිරවී ඇති බව සඳහන් ය.