ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි තව තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි තව තවත් ඉහළට

August 20, 2024   07:13 pm

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඊයේ (19) දිනය තුළ මැතිවරණ පැමිණිලි 35ක් ලැබී ඇති අතර එම සියලු පැමිණිලි මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉන් පැමිණිලි 3ක් ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට සහ අනෙක් පැමිණිලි 32ක දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී තිබුණි.

මේ අතර පසුගිය ජුලි මස 31 වන දින සිට මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 666ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉන් පැමිණිලි 642ක් මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන බව සඳහන් වේ.