නාමල් ගේ මංගල රැලිය අද

නාමල් ගේ මංගල රැලිය අද

August 21, 2024   07:09 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේ අද (21) පැවැත්වෙන බව සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පැවසුවේ, මෙම රුලිය අනුරාධපුරයේ පැවැත්වීමට හැකි වීම පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයක් බවය.

"අද සවස 2ට අනුරාධපුර කඩපනහා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහි ජන රැලිය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙත ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව මහා ජන රැලිය සංවිධානය කරනවා. මෙම සමාරම්භක ජනරැලිය අනුරාධපුරය වෙත රැගෙන ඒම අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් ජනාධිපතිවරණ කැම්පේන් එක ඇතුළේත් ලබපු ජයග්‍රහණයක් විදියට අපි දකිනවා."