කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි

කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි

August 21, 2024   11:37 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.

අනතුරුව ඔහු විපක්ෂය වෙත ඇවිද ගොස් විපක්ෂ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය.

වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වන ඒ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2020 මහ මැතිවරණයේදී ය.

2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරගකළ කරුණාදාස මහතා මනාප 114,319ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු මනාප ලැයිස්තුවේ දෙවැනියා විය.

ඔහු පසුගිය සෙනසුරාදා (17) පැවසුවේ තමා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකරන බවයි.