ජනපති අපේක්ෂක විවාදයට 39 දෙනාටම ඇරයුම්

ජනපති අපේක්ෂක විවාදයට 39 දෙනාටම ඇරයුම්

August 21, 2024   03:42 pm

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

ඒ සඳහා අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට ද මාර්තු 12 ව්‍යාපාරය තීන්දු කර ඇත.

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අපේක්ෂකයින් 39 දෙනාටම විවෘතව මෙම විවාද මාලාව සඳහා ආරාධනා කරන අතර ඒ සඳහා අපේක්ෂකයන්ගේ කැමැත්ත ඊමේල් ලිපිනයට අගෝස්තු 24 වනදා මධ්‍යහ්න 12 ට පෙර යොමුකරන ලෙසද දැනුම්දෙයි.

මීට අදාළ වැඩි විස්තර පහත දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.
Email - march12movement@gmail.com
සම්බන්ධීකාරක - සුදාරක අර්ථනායක - 94724824460