පාකිස්තානුවන්ගේ වන්දනා ගමන ඛේදවාචකයකින් අවසන් වෙයි

පාකිස්තානුවන්ගේ වන්දනා ගමන ඛේදවාචකයකින් අවසන් වෙයි

August 21, 2024   06:02 pm

පාකිස්තාන වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඉරානයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ සින්ඩ් පළාතේ සිට ඉරානය හරහා ඉරාකයේ කර්බාලා වෙත ගමන් කරමින් සිටියදී එම බස්රථය පෙරළී ගොස් අනතුර සිදුවී තිබුණි.

බස්රථයේ තිරිංග පද්ධතියේ හටගත් දෝෂයක් අනතුරට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.