හෙට සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක්

හෙට සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක්

August 21, 2024   07:50 pm

හෙට (22)  සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක් ලබාදීමට  රජය තීරණය කර තිබේ.

ඒ අනුව ධීවර කර්මාන්තයේ නිරත වන පුද්ගලයින් සඳහා රුපියල් 25ක ඉන්ධන සහනාධාරයක් ලබාදීමට නියමිතය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ධීවර ජනතාව වෙනුවෙන් ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට වූ යෝජනාව අද (21)  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර එම සහනාධාරය හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අද දෙරණ සමග අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර තේ වගාකරුවන් සඳහා ද රුපියල් 4,000ක පොහොර දීමනාවක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රුපියල් 2,000ක්ව පැවති පොහොර දීමනාව අද දිනයේ සිට රුපියල් 4,000 දක්වා වැඩි කිරීමේ වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.