මංගල ටෙස්ට් තරගයේ මිලාන්ගෙන් අර්ධ ශතකයක්

මංගල ටෙස්ට් තරගයේ මිලාන්ගෙන් අර්ධ ශතකයක්

August 21, 2024   09:48 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී අද (21) ආරම්භ වුණි.

එහිදී සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ මිලාන් රත්නායක සිය පළමු අර්ධ ශතකය වාර්තා කළේය.

මිලාන් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 96කිනි.

ඉනිමේ පළමු 6 පහරද වාර්තා කළ මිලාන් සිය අර්ධ ශතකය වෙනුවෙන් 6 පහර 01ක් සහ 4 පහර 5ක් ලබා ගත්තේය.

දකුණතින් මදවේග පන්දුයවන ඔහු වාරියපොළ සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.