ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම්

August 22, 2024   07:55 am

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය අණපනත් මේ වන විටත් සකස් කර අවසන් බවය.

දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ පැවති සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවේදී ඉදිරිපත් වු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.