විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

August 22, 2024   10:05 am

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණි.

ඒ අනුව අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශය ට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

එම විරෝධතාවය සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහන වලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙසට එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම අධිකරණ නියෝගය නිකුත්කර තිබේ.