තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රනිල්ට

තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රනිල්ට

August 23, 2024   10:30 am

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ. 

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරයන් දෙදෙනෙකි.

සාරතී දුෂ්මන්ත මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණි.

ඒ ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාට එම තනතුර අහිමිවීමත් සමගය.

සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට පිවිසි අතර අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී ඇති ඔවුන් දෙදෙනා සිය සහාය ලබාදෙන බව දැනුම්දී තිබේ.