හෂීෂ් කිලෝ 30ක් රේගු භාරයට

හෂීෂ් කිලෝ 30ක් රේගු භාරයට

August 23, 2024   04:57 pm

ඉතාලියේ සිට කොළඹ පිහිටි භාණ්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ විටිනාකම රුපියල් මිලියන 212ක් වන බවය.

රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ.

එම පාර්සලය එවා ඇත්තේ මතුගම ප්‍රදේශයේ ලිපිනයකට බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.