මගී ප්‍රවාහන අධිකාරි නිලධාරියෙක් අල්ලස් දැලේ

මගී ප්‍රවාහන අධිකාරි නිලධාරියෙක් අල්ලස් දැලේ

August 23, 2024   09:17 pm

රුපියල් 60,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත සබරගමුව මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.