ජර්මනියේ පිහි ඇනුමක්

ජර්මනියේ පිහි ඇනුමක්

August 24, 2024   07:09 am

ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඉන් තවත් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

එම නගරය ස්ථාපනය කර වසර 630ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.