අද සිට ගෙදරට පායන තරුව

අද සිට ගෙදරට පායන තරුව

August 24, 2024   02:01 pm

සර්වජන බලයේ ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කිරීම සඳහා රට පුරා ග්‍රාමසේවා වසම් 14,022ක් ආවරණය කිරීමේ ''ගෙදරට පායන තරුව'' මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුම අද (24) ආරම්භ කෙරුණි. 

ඒ අනුව සර්වජන බලය මෙම සති අන්තයේදී දිවයින පුරා ගම් 2,000ක් ආවරණය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, විශාල වශයෙන් මුදල් වැයකරමින් ජනරැලි පවත්වනවා වෙනුවට ගමට ගොස් ජනතාව හමුවීම මෙහි අරමුණ බවය.

මෙම අවස්ථාවට සර්වජන බලයේ විධායක කමිටු සාමාජික අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය, ජනාධිපති ධුර අපේක්ෂක - ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"අද අපි මේ ආරම්භ කළේ 'ගෙදරට පායන තරුව' අද සිට දිවයින පුරා සෑම නිවසකට අත්පත්‍රිකා, අපේ ප්‍රතිපත්ති ඇතුළත් උපාය මාර්ගික වැඩපිළිවෙල ලබාදීමට කටයුතු කරනවා."

අපේ 'ගෙදරට පායන තරුව' වැඩපිළිවෙලේ පරමාර්ථය තමයි විශාල මුදල් වියදම්කර රැස්වීම් පවත්වනවාට වඩා, මිනිස්සුත් එක්ක එකතුවෙලා ගමට ගිහිල්ලා ඇත්තටම ගමේ මිනිස්සුත් එක්ක සංවාදයක් ආරම්භ කර සහෝදරත්වයේ දේශපාලනය ක්‍රියාත්මක කිරීම".