ආර්ථික අර්බුදය මැද මං කළ දේ වැරදි ද ?  - රනිල්

ආර්ථික අර්බුදය මැද මං කළ දේ වැරදි ද ?  - රනිල්

August 24, 2024   03:07 pm

ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ සපයාගත නොහැකිව දුක්විඳි ජනතාවගේ එම අවශ්‍යතා සපුරාලීම වරදක් නම් තමා එම වරද භාරගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පොතුවිල් හිදී පැවති 'පුළුවන් ශ්‍රී ලංකා' ජනරැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් ඊයේ (23) පස්වරුවේ අම්පාර පොතුවිල් ජලාල්දීන් ක්‍රීඩාංගණයේදී මෙලෙස පැවැත්වුණි.

ජන රැලියට එක්වූ ජනාධිපතිවරයාට එහිදී පැමිණ සිටි පිරිසෙන් හිමි වූණේ උණුසුම් පිළිගැනීමකි.

ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද ඊට එක්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"සජිත් කියනවා මං හොරු එක්ක වැඩ කළා ලු. මං ලෝභ වෙලා මේ තනතුර ගත්තා ලු. එයාට උප්පත්තියෙන් හිමි තනතුර මං ගත්තා ලු. එයා හැමදාම කතා කරනවා දුප්පත් මිනිස්සු ගැන. ඉතින් ඒ දුක තේරුණේ නැද්ද?."