රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

August 24, 2024   03:24 pm

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මහතාගේ  මුණුපුරෙකු  මෙන්ම එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (24) පෙරවරුවේ බොරැල්ලේ පිහිටි නිවසේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

1948 වසරේ ජුනි මස 21 වැනි දින උපත ලැබූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවුණි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1973 වර්ෂයේ පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ රුක්මන් සේනානායක මහතා 2004 වසර දක්වා වරින් වර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ රජයේ පරිසර අමාත්‍ය ධුරයේ ද කටයුතු කරනු ලැබූ ඔහු 2007 වසරේදී එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයට ද පත්වුණි.