පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡාවක්

August 24, 2024   09:14 pm

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන්නේ එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නැති බවය. 

ඔහු පවසන්නේ එම මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවය.

තවද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් මේ වනවිට රට අත්හැර ගොස් ඇති බව වාර්තා වී ඇතැයිද ඔහු පවසයි.

එමෙන්ම ඇතැම් අපේක්ෂකයින් මියගොස් ඇති බවත් ඔහු පැවසීය.  

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ දී පැවැත්විමට නියමිත බව ඔහු පැවසුවේය.