තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

August 25, 2024   08:29 am

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව රාජිත රණසිංහ මහතා පැවසීය.

කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.