විදුලිසැර වැදී දරුවෙක් මරුට

විදුලිසැර වැදී දරුවෙක් මරුට

August 25, 2024   11:06 am

විදුලිසැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකි.

නිවසේ පිටුපස වතුර කරාමයකින් දිය නාමින් සිටියදී ඒ අසල තිබෙන ජල මෝටරයේ වයරයක් ගැලවී ඇවිත් සිසුවාගේ සිරුරේ ස්පර්ශවීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.