දරු ප්‍රසූතියෙන් පසු බිරිඳ මියගිය දුකට සැමියාත් සියදිවි හානි කරගනී

දරු ප්‍රසූතියෙන් පසු බිරිඳ මියගිය දුකට සැමියාත් සියදිවි හානි කරගනී

August 25, 2024   12:53 pm

මන්නාරම මූලික රෝහලේදී දරු ප්‍රසුතියකින් පසු ඇතිවු ආසාත්මිකතාවයකින් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සියදිවි හානි කරගෙන තිබේ.

වව්නියාව - පණික්ක - මහිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ඔහු ඊයේ (24) රාත්‍රියේ කිසියම් ඇට වර්ගයක් කෑමෙන් සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය 28 වනදා මන්නාරම මූලික රෝහලේදී බිරිඳ මියගොස් තිබුණි.

ඇයගේ ස්වාමිපුරුෂයා සහ පවුලේ ඥාතීන් චෝදනා කළේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් අදාළ කාන්තාව මියගිය බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අතර, ඒ අනුව වෛද්‍යවරයෙකු, හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටවා තිබුණි.

සිය බිරිඳ මියයෑම සහ අලුත උපන් දරුවා තනිවීම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වී සිටි එම දරුවාගේ පියා ඊයේ රාත්‍රීයේ සියදිවි නසාගෙන ඇති බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.