තෙවන පාසල් වාරය අද සිට

තෙවන පාසල් වාරය අද සිට

August 26, 2024   06:56 am

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

දෙවන පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් විය. 

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.