සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වෙයි

සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වෙයි

August 26, 2024   09:22 am

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා මියගොස් තිබේ.

වර්ෂ 1935 නොවැම්බර් මස 10 වන දින අකුරැස්ස ප්‍රදේශයේ උපත ලද ඒ මහතා මියයන විට 89 වැනි වියෙහි පසුවිය.

හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල්මිටක් ඇතුළු සම්මානනීය ජනප්‍රිය චිත්‍රපටි රැසක නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කර තිබේ.