ලොව වයස්ගතම මිනිසාගේ රහස

ලොව වයස්ගතම මිනිසාගේ රහස

August 26, 2024   10:52 am

ලොව වයස්ගතම පුද්ගලයා එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් බව වාර්තා වෙයි.

ගිනස් වාර්තා අනුව ඔහුට එම ස්ථානය හිමිව ඇත්තේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සඳහන් වූ ජුවාන් විසෙන්තේ පෙරේස් පසුගිය අප්‍රේල් මාසයේදී අභාවප්‍රාප්ත වූ බැවිනි.

මේ වනවිට එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්වන ටිනිස්වුඩ් පවසන්නේ තමා දීර්ඝ කාලයක් ජීවත්වීම ට සුවිශේෂී රහසක් තමා නොදන්නා බවයි.

ඔහු 1912 අගෝස්තු මස 26 වනදා එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේදී උපත ලැබීය.

ඔහු පවසන්නේ තමා සිය තරුණ වියේදී ඉතා ක්‍රියාශීලී වූ බවත් දෛනිකව වැඩි වේලාවක් ඇවිද්ද බවත් ය.