යළි පෝලිම් යුගයක් ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීම්

යළි පෝලිම් යුගයක් ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීම්

August 26, 2024   07:54 pm

ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් පවසන ආකාරයට IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගියහොත් එවන් ඉරණමක් අත්වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"කණ්ඩායම් විදියට අවුරුදු දෙකකින් එය කළා. රටවල් 18ක්, IMF සංවිධානය, ලෝක බැංකුව, ADB සමඟ ගිවිසුමකට ඇවිල්ල තියෙනවා.  ඒ අනුව ඉදිරි වැඩ කරන්න තියෙන්නේ. මම අහන්නේ තමන්ගේ ඡන්ද ප්‍රකාශවලින් කියන දේ කළොත් ගිවිසුම් කැඩෙනවා. ඒවට වෙනම මුදල් හොයන්න ඕන. වැට් අඩුකළොත් ආදයම් බදු වැඩිකරන්න වෙනවා.  එකක් වෙනස් කරන්න බැහැ. ට්‍රිලියන 5 සොයන ක්‍රමය වෙනස් කළ හැකියි. හැබැයි ඉල්ලක්කයේ ඉන්න ඕන. ඉතින් මේ ඉලක්කේ දෙන්නේ නැතිනම් මොකද්ද වෙන්නේ.  ඒ අය කියනවා IMF එක එක්ක අපි කතා කරනවා කියලා.  IMF සමඟ කතා කළාට වැඩක් නෑ , බලතල නැහැ. රටවල් සමඟ කතා කරන එක පහසු නැහැ. ඒ අය ඇවිල්ල බලන්නේ ගිවිසුම් අනුව ක්‍රියාකළාද ? ඊළඟ මාස හයේ කරන්නේ මොනවද බලනවා. අපි කිව්වොත් සංශෝධනය කරනවා කියලා. එහෙනම් ආයිත් සූදානම් වෙන්න පෝලිම් යුගයකට. ඊළඟට හොරු අල්ලනවා කියනවා. අපි  2015දී හොරු අල්ලන් ජවිපෙට භාරදුන්නා. ආණ්ඩුව ආපුවාම අපි දුෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් ඇති කළා. පුද්ගලයින් පත්කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ අය ආනන්ද විජේපාල දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයට පත්කළා. මම දන්න හැටියට මේ වැඩේට පත්කරනවා නම් ප්‍රධානියා පොලීසියේ හෝ නිතීඥයෙක් විය යුතුයි.  ආනන්ද විජේපාල ඒ දෙකටම අයිති නැහැ. ෆයිල් 400කට අදාළ පුද්ගලයින් නම් කළා. එක් එක් තැනින් විමර්ශනට විමර්ශන සාර්ථකයි අසාර්ථකයි කියලා මට බැනලා වැඩක් නැහැ. මට තිබුණේ මුදල් දෙන්න. මම කින්නේ මීයෝ අල්ලන්න දත් තියෙන බළලෙක් දාන්න ඕන."