රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස 

රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස 

August 26, 2024   09:10 pm

සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා ව්‍යවසායකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් විශාල කොටසක් වැයවෙනවයි කියන එක යථාර්තයක්. අවාසනාවකට වගේ මේ විග්‍රහයේ වරදක් තියෙනවා. ඔවුන් අකාර්යක්ෂම යැයි සහ බරක් යැයි අපට හැඟෙන අවස්ථාවන් තිබෙන්නේ බොහොම විරල අවස්ථාවන්. ත්‍රිවිධ හමුදාව අපට දැනෙන්නේ නැහැ අකාර්යක්ෂමයි කියලා. වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ඔවුන්ගේ වැටුපට සාපේක්ෂව ඔවුන් ලබාදෙන සේවය මොන පැත්තෙන් ගත්තත් විශාල සේවයක්. ගුරු වෘත්තිය සහ විදුහල්පති සේවයත් එහෙමයි. හොඳට වැඩකරන රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕන ප්‍රසාද දීමනා. මූලික වැටුපට අමතරව. අද රාජ්‍ය සේවකයාගේ වැටුප් වර්ධක, උසස්වීම් ලබාදෙන්නේ සේවා කාලය හා විභාග මතම පමණයි. හොඳට වැඩ කළාට කාටත් උසස්වීම් ලබාදෙන්නේ නැහැ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වගේ. ඒ නිසා අපේ යෝජිත වැඩපිළිවෙල තුළ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය නිලධාරියෙකු බිහිකිරීමට බලාපොරාත්තු වෙනවා."