රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට - පොහොර සහනාධාරයත් ඉහළට

රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට - පොහොර සහනාධාරයත් ඉහළට

August 27, 2024   07:01 am

වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ස දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.

මේ අතර අද දිනයේ සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිලදී ගැනීමට කටයුතු කරන බව බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.