පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් පළමු සතියේ

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් පළමු සතියේ

August 27, 2024   08:08 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවය.

මේ අතර සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

"සමෘද්ධි ව්‍යාපාරය ගැන මෙයාලා වැරදි මතයක් යවනවා. සමහර නායකයෝ හිතනවා අපේ හාමුදුරුවනේ සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි කියලා. මේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවා ගත්තේ සමෘද්ධිය. අපි විශ්වාස කරනවා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය අපි ආරක්ෂා කරන්න ඕනේ. සමෘද්ධිලාභියාගේ දරුවා ගැන, තාක්ෂණය, කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් ලෝකයේ රැකියා වෙළෙඳපොළ වෙන්න පුළුවන් ඒ රැකියා වෙළෙඳපොළට සරිලන රැකියාවක් හොයලා දිලා සමෘද්ධියෙන් ඔවුන්ව එළියට ගන්න ඕනේ. අපි සමෘද්ධි ව්‍යාපාරය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි, සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ක්‍රියාත්මක කරනවා."