ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නේ කෙසේද ?

ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නේ කෙසේද ?

August 27, 2024   12:22 pm

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු වියයුතු අතර එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නෙකු විය යුතුය.

එමෙන්ම එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙක් වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

යම් ඡන්ද දායකයෙක් සහායකයෙක් කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛන මගින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන් ට ඉදිරිපත් කළ යුතුය. 

එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එසේ ලබාගත් ඉල්ලුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත්කර සහතික කර  අනතුරුව එය රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙතා ඉදිර්පත්කර සහතික කරගත යුතුය.

 ඡන්දය සලකුණු කිරීමට යාමේදී ඡන්ද දායකයා සහ සහායකයා යන දෙදෙනාම ජාතික හැඳුනුම්පත හෝ ඡන්දපොළේදී පිළිගන්නා හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍ය ය.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...