හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට සිට කාලගුණයේ වෙනසක්

August 27, 2024   05:12 pm

අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට හිරු සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් හෙට (28) දහවල් 12:11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතීන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ඉදිරි පැය 36ක කාලය සඳහා බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් ය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.